Tuesday, October 4, 2011

පළාත් අනු සූරියො ජාතික සූරතාව රැක ගනිති


ඉකුත් වසරේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ බාලිකා ක්‍රිකට් සූරතාවය දිනා ගත් රත්නපුර සුමනා බාලිකා විද්‍යාලීය කණ්ඩායම ඉකුත් වසරේ දිනාගත්  මලල ක්‍රීඩා සූරතාවය මෙන්ම ක්‍රිකට් සූරතාවය ද ආරක්ෂා කර ගන්නට සමත්වීම කැපී පෙණුනා.එම සූරතාවයන් දෙක රැක ගැනීමේ දී සබරගමු පළාත් ක්‍රිකට් සූරතාවය අහිමි වී යම් පසුබෑමක් පෙන් වුව ද යළි දක්ෂතා අතරට පිවිස ජාතික සූරතාවය ජය ගැනීමට හැකිවීමේ ගෞරවය ක්‍රීඩිකාවන්ගේ කැපවීමට හිමිවිය යුතු බව එහි ක්‍රීඩා උපදේශක රෝහිත ජයවර්ධන සුපිරික්‍රීඩා වෙත පවසා සිටියා.
ඉතාමත් තරගකාරී මට්ටමක පවතින වත්මන් පාසල් ක්‍රීඩාවේ මලල ක්‍රීඩා සූරතාවය පිට පිටම දෙවන වරටත් අත් කර ගන්නට හැකිවීම පිළිබදව තම විද්‍යාලයට ආඩම්බර විය හැකි බවත් ඒ පිටුපස සිටින විශාලතම ශක්තිය විවිධ වූ මලල ක්‍රීඩා ඉසව් වලින් ජාතික වාර්තාලාභීන් බිහි කරන්නට සමත් වූ සුපිරි පුහුණුකරු බීආර් පාලිතයන් ගේ මග පෙන්වීම බවත් රෝහිත ජයවර්ධනයන් ගේ අදහස විය.විදෘලයේ හිටපු විදුහල්පතිණියන් මෙන්ම වත්මන් විදුහල්පතිණියද විදුහල ජාතික ක්‍රීඩා පාසලක් බව තේරුම් ගෙන අධයාපනික කටයුතු වලට බාධාවක් නොවන සේ ක්‍රීඩිකාවන්ගේ හැකියා වර්ධනයට මුල් තැනක් ලබා දී කටයුතු කිරීම මේ ජයග්‍රහණ සදහා විශාල ශක්තියක් වූ බව පැවසීය.
තම විද්‍යාලයේ ක්‍රීඩා ආචාර්්‍ය මණ්ඩලය මෙන්ම   එසේම පදුමා නන්දනී විජේසුන්දර ද ක්‍රීඩා පුහුණු කටයුතු අදීක්ෂනයෙන් දක්වන සහයෝගය ඉති හොද මට්ටමක පවතින බවත් තම විදෘලයේ ආචාර්‍ය මණ්ඩලය ක්‍රීඩිකාවන් ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් දක්වන උනන්දුව ඉතා වැදගත් බවත් පෙන්වා දුන් ජයවර්ධනයන් ක්‍රීඩා කටයුතු වල දී රත්නපුර ෆර්ගියුෂන් බාලිකා විද්‍යාලයේ දැරියන් සහ තම දැරියන් බොහෝ විට එකට කටයුතු කරන බවත් එම ක්‍රීඩිකාවන් සහ එම විද්‍යාලයෙන් ලැබෙන සහයෝගය ද ඉතාමත් වැදගත් බවත් සමස්ත ලංකා පාසල් බාලිකා මලල ක්‍රීඩා සූරියන් සහ බාලිකා ක්‍රිකට් සූරියන් ලෙස කිරුළු පැළදීමෙන් අනතුරුව පැවසීය.
ඡායාරූප වලින් ජයග්‍රාහී මලල ක්‍රීඩා කණ්ඩායම,ක්‍රිකට් කණ්ඩායම සහ පාසල් මලල ක්‍රීඩා අංශයෙන් වීසිකිරීම් ඉසව් වල සූරතාවය වෙනුවෙන් කුසලානය එම විද්‍යාලීය හෙල්ල වීසිකිරීම් සූරිය හිමංසා කරුණාරත්න විසින් හිමි කර ගත් අයුරුත් දැක්වෙනවා.